ඔබ විසින් සපයන ලද විස්තරය ඉතා අගනා දෙයකි.
මා ජීවත් වන්නේ ඉතාලියේ බැවින්, සිංහල යුනිකොඩ් සම්බන්ධ වෙනත් ප්‍රශ්නයන්
ද වෙති.
උදාහරණ:- ඉතාලියේ දී පරිඝණකයක් මිලදී ගන්නා විට එම පරඝණකයේ පෙර පිහිටුවන
ලද ඉතාලී වින්ඩොස් ක්‍රියාකාරීතවය ක් ද ඇතුළත් වේ. නමුත් අප කව්රුත්
දන්නා පරිදි වින්ඩෝස් ඉංග්‍රිසි ක්‍රියාකාරීත්වයක ට හැර www.fonts.lk හි
ඇති සිංහල යුනිකොඩ් මුදුකාංගය පිහිටුවීම ට නොහැක.
මෙය සිංහල යුනිකොඩ් ඉතාලිය වැනි රටවල් වල ජීවත් වන ශ්‍රී ලාංකික පිරිස්
අතර ජනප්‍රිය නොවීමට විශාල බාධාවක් වෙති. සත්‍යය වශයෙන් ම සිංහල යුනිකොඩ්
ජනප්‍රිය කරවිය හැකි හොඳ ම ස්ථානය ද ඉතාලිය වෙයි. එනමුත් යුරෝ 500 ත්
1000 ත් අතර මුදලකට නව පරිඝණකයක් මිල දී ගන්නා ආධුනික පරිඝණක භාවිතකයෙකු
ට මේ සම්බන්‍ධයෙන් කිසිදු අද්දැකීමක් නැති බැවින් (යුනිකෝඩ් සම්බන්ධ
අද්දැකීම් නැති පරිඝණක ගුරුවරුන් ද වෙති) , පරිඝණකය මිල දී ගන්නා සමාගම
විසින් ලබා දෙන වසරක වගකීම් සහතිකය ගැන පමණක් ඔවුන් උන්දු වෙති.
නැවත යම් ලෙසකින් සිංහල යුනිකේතය පිහිටුවීමට නම් යූරෝ 150 ට ආසන්න මුදලක්
ගෙවා ඉංග්‍රිරිසි වින්ඩෝස් එක්ස්පී මිල දී ගත යුතුය.
එවිට ඔහු හෝ ඇයට තම පරිඝණකය නැවත සුසැකුමනය (Format) කර ඉංග්‍රිසී ඇතුළත්
වින්ඩොස් පිහිට විය යුතු වේ. එසේ සුසැකුමනය කළ පසු ඉහත සමාගම් විසින් ලබා
දී ඇති වගකීම් සහතිකය ඉබේම අහෝසි වී යයි. එයට කිසි ලෙසකින්වත් ආධුනික
පිරිස් කැමැත්තක් නොදක්වති.
ඉහත ප්‍රශ්ණය මා විසින් සිංහල යුනිකේතය ජනප්‍රිය කරවීමේ දී මුහුණ දුන්
ප්‍රධාන ගැටළුව වෙයි.
මේ සඳහා වහා ම විකල්පයක් අවශ්‍යය වන අතර, මෙම ප්‍රශ්ණය වින්ඩෝස් විස්ථා
සම්බන්ධයෙන් ද වෙත් නම් මේ සඳහා ශ්‍රී ලංකා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අවධාණය
යොමුවේ යැයි ද බලා පොරොත්තු වෙමු.
ස්තූතියි
ධම්මික.
> > යූ.ඩී.- Hide quoted text -
>
> - Show quoted text -
> > ගන්න එක නුවනට හුරුය. එවිට සිංහල ප්‍රශ්ණයක් නොමැතිව භාවිතා කල හැක.- Hide quoted text -