පරිගණකයට සිංහල වදන්

205 views
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Feb 7, 2006, 7:51:00 AM2/7/06
to Sinhala...@googlegroups.com
ආයුබෝවන්,

පරිගණකයට සිංහල යුනිකෝඩ් එකතු කිරීමේ තාක්‍ෂණික පසුබිම මේ වන විට බොහෝ
දුරට අවසන් වී ඇතැයි කීම නිවැරදි යැයි සිතමි. මීලඟ භාරදූර කාර්යය සුදුසු
වදන් මාලාවක් සැකසීමයි. ඒ සඳහා මෙම සමූහයෙන් විශාල කාර්ය භාරයක් සිදු කළ
හැකි යැයි සිතමි.

සිංහල වදන් සැකසීම පිලිබඳව අදහස් කිහිපයක් පල කිරීමට මුලින්ම බලාපොරොත්තු
වෙමි. ඉන් පසුව නිතර භාවිතා වන වචන කිහිපයකට සුදුසු ඉංග්‍රීසි වචන සකස්
කිරීමට උත්සාහ කර බැලීමට ආරාධනා කරමි. ශ්‍රී ලාංකික පාඨකයින්ට වෙබ් අඩවි
සැකසීමේ දීර්ඝ කාලීන පලපුරුද්දක් ඇති නිරංජන් වැනි දක්‍ෂයින් මෙම සමූහයේ
සිටින නිසා මෙම කටයුත්ත පහසු වනු ඇතැයි හඟිමි.

වදන් සහ ගම්‍ය වන වදන් (derived words)

සමහර මූලික වදන් වලින් තවත් වදන් තනා ගැනීම ඕනෑම භාෂාවක ඇති පොදු දෙයකි.
උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි computer යන වචයනයෙන් ගම්‍ය වන compute,
computation, computing දැක්විය හැකියි. නමුත් අවාසනාවකට මෙන්, පරිගණක
තාක්‍ෂණයේ භාවිතා වන සමහර සිංහල වචන වලට මෙම සුනම්‍ය බව අහිමි වී ඇත.
අනෙකුත් උදාහරණ පැත්තක තබා, පරිගණකය යන වචනයම ගනිමු. එයින් ගම්‍ය පද
සාදා ගැනීමට නො හැකියි. ඊලියන් සිල්වා මහතා වරක් යෝජනා කල පරිදි
පිරිගණිනය යන නම භාවිතා කර තිබුනා නම්, අපට ඉංග්‍රීසි බසේ මෙන්ම ගම්‍ය
වදන් තනා ගැනීමට හැකි වනු ඇත (computer = පිරිගණිනය, compute =
පිරිගණිමි, පිරිගණිමු, පිරිගණිනවා, ..., computatoin = පිරිගැණුම).

"කරනවා" සහ "එක"

මෙම ගම්‍ය පද සාදා ගැනීමට පිලියමක් ලෙස අප එදිනෙදා ජීවිතයේදි විශාල
වශයෙන් කරනවා සහ එක යන වචනය යොදා ගන්නා බව රහසක් නොවේ. උදාහරණ:
ඉංග්‍රීසි copy වචනය නාම පදයක් සහ ක්‍රියා පදයක් ලෙස භාවිතා කල හැක.
නමුත් "පිටපත" යන නාම පදයෙන් ක්‍රියා පදය සැකසීමට "පිටපත් කරනවා" කියන්නට
සිදුවේ. "බස් එක" මිස "බසය" කියන්නට අපේ දිව හුරු නැහැ නේද?

මා කියන්නට යනනේ දැනට ඇති සියලු වචන අමතක කර අලුතෙන් වචන සෑදිය යුතු බව
නොවේ. එය කොහෙත්ම ප්‍රායෝගික නැති බැවිනි. නමුත් අපට බොහෝ අලුත් වදන්
සෑදීමට ඇති නිසා එම අලුත් වදන් සෑදීමේදී මෙම අදහස් යොදා ගැනීම හොඳ වනු
ඇත.

ඉතින් ආරම්භයක් ලෙස ඉංග්‍රීසි පරිගණක වදන් කිහිපයකට සිංහල වදන් තැනීමට
(හෝ දැනටමත් භාවිතා වන වදන් ගැන එකඟ වීමට) පටන් ගැනුම හොඳ යැයි මා
සිතනවා. මේ වදන් දහය ගැන සමූහයේ අනිත් අය සිතන්නේ කුමක්ද?

- File
- Edit
- View
- Go - යන්න
- Tools
- Copy
- Cut
- Paste
- Minimize - හකුලන්න
- Maximize - දිග හරින්න

මෙම වචන වලින් ගම්‍ය වදන් තනා ගත හැකි විය යුතුයි. උදාහරණය:
minimization = හැකිලුම හෝ හැකිලීම. අනිත් වදන් ගැන ඔබලා සිතන්නේ
කුමක්ද?

අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

බුද්ධික ජයසිංහ (Buddhika Jayasinghe)

unread,
Feb 7, 2006, 11:12:34 AM2/7/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
අනුරාධ,

ඔබගේ අදහස අනුමත කරන අතර
ප්‍රමුඛ අවශ්‍යතාවය
හදුනාගැනීම පිලිබද
ස්තුතිවන්ත වෙමි.

මෙම කාර්යය වහවහා ආරම්භ
කලයුතුව ඇත. මන්ද, දැනටමත්
සිංහල භාවිතාවන මෘදුකාංග
සංවර්ධනය ආරම්භව ඇති
බැවිනි.

ඒ සමගම මේ හා සම්බන්ධවී
සිටින පිරිස වැඩිකර ගැනීම
කෙරෙහිද අපගේ අවධානය
යොමුවිය යුතුය. මෙය සාර්ථක
කරගත හැකිවනුයේ වැඩි
පිරිසකගේ අදහස් එයට එක්
උවහොත් පමනි.

අප සිංහල යුනිකෝඩ් තාක්ෂනය
පිලිබද සෑහීමකට පත්ව
සිටියද තවමත් එය ජනතාවට
කොතරම් සමීපදැයි
විමසාබැලීම වටී. නව වචන
සෙවීමේ කාර්යයේදී
සියලුදෙනාටම(යුනිකෝඩ්
ඇති/නැති) ගාවිතා කනහැකි
මෙවලමක් තැනීම කෙරෙහිද
සොයා බැලිය යුතුය.
මක්නිසාදයත්, තාක්ෂනය
ඔවුන් අතරට යනතුරු මෙම
ප්‍රමුඛ කාර්යය කල්දැමිය
නොහැකි නිසාවෙනි.

කෙසේහෝ මේසදහා ඒකරාශී වන
ඔබට මාගේ නොමද සහය ලබාදීමට


බලාපොරොත්තු වෙමි.

බුද්ධික ජයසිංහ

Thiwanka Wimalasuriya

unread,
Feb 8, 2006, 12:33:59 AM2/8/06
to Sinhala...@googlegroups.com
Dear Anuradha,

Do we have a tool to write sinhala in unicode ?
For kaputa font I have used singlish (on win32) and sriword, but is there one for unicode ?

For example how do *you* write in unicode ?

kind regards,


Thiwanka Wimalasuriya
Software Engineer (JAVA)
Open World Lanka (Pvt) Limited,
41, Dutugemunu Street, Pamankada, Dehiwala, Sri Lanka.
Tel: +94 11 4403904 (Ext 115)
Fax: +94 11 2854815
www.openworld.org

Chathura Jayarathne

unread,
Feb 8, 2006, 2:26:46 AM2/8/06
to Sinhala...@googlegroups.com
Hi Thiwanka,
 
Cant we make an unicode enable version of  "Singlish" tool? There is a online editor on Kaputa site which is do the same thing. I think it would be great if we can have a desktop version of it.
 
chathura.

 
--
Chathura Jayarathne®

Anuradha Ratnaweera

unread,
Feb 8, 2006, 2:40:53 AM2/8/06
to Sinhala...@googlegroups.com
On 2/8/06, Thiwanka Wimalasuriya <thiw...@gmail.com> wrote:
>
> Do we have a tool to write sinhala in unicode ?
> For kaputa font I have used singlish (on win32) and sriword, but is there
> one for unicode ?
>
> For example how do *you* write in unicode ?

Yes. We developed Sinhala for GNU/Linux and have been using it (both
reading and writing) on GNU/Linux for the last two years and more. We
are using a transliterated scheme (a for අ, aa for ආ, ki for කි etc),
but are also planning to work on a wijesekara keyboard as well.

Check out this page for screenshots including the keyboard layout:
http://www.linux.lk/~anuradha/sinhala/screenshots/0.1-0.2/ .

Thiwanka Wimalasuriya

unread,
Feb 8, 2006, 2:42:01 AM2/8/06
to Sinhala...@googlegroups.com
well chathura, making a unicode version of singlish is in my mind but several things holding me back

1. the singlish (http://www.geocities.com/naturalsinglish/) source is in vb6, for the last 4 years I have been a full time java developper so going at vb code once in a while is too difficult for me.
2. When I was talking about making a similar java tool, one of my friends told me to join slwriter (http://sourceforge.net/projects/slwriter/), but my request to join that project went *un-answered*
3.I'm not sure about the capability of vb6 for developping unicode software.
4. last but not least scarecity of free time.

kind regards
-Thiwanka

Chathura Jayarathne

unread,
Feb 8, 2006, 3:01:07 AM2/8/06
to Sinhala...@googlegroups.com
Yah..Thiwanka...we have a lot of cool ideas in our mind. but the time factor is always there against them.
 
u might remember that i got to knw abt u becos of singlish.
 
we will keep up hopes abt a JAVA version of it soon anyway.
 


 
On 2/8/06, Thiwanka Wimalasuriya <thiw...@gmail.com> wrote:
well chathura, making a unicode version of singlish is in my mind but several things holding me back

1. the singlish (http://www.geocities.com/naturalsinglish/) source is in vb6, for the last 4 years I have been a full time java developper so going at vb code once in a while is too difficult for me.
2. When I was talking about making a similar java tool, one of my friends told me to join slwriter ( http://sourceforge.net/projects/slwriter/), but my request to join that project went *un-answered*
3.I'm not sure about the capability of vb6 for developping unicode software.
4. last but not least scarecity of free time.

kind regards
-Thiwanka


On 2/8/06, Chathura Jayarathne <tocha...@gmail.com > wrote:
Hi Thiwanka,
 
Cant we make an unicode enable version of  "Singlish" tool? There is a online editor on Kaputa site which is do the same thing. I think it would be great if we can have a desktop version of it.
 
chathura.
 



--
Chathura Jayarathne®

නිරංජන්෴

unread,
Feb 9, 2006, 5:19:31 AM2/9/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
වරකදී මා රාඦ්‍ය භාශා
දෙපාර්ථමේන්තවට ඉදිරිපත්
කල වචන රැසක් මා ලඟ ඇති.
ආචාර්ය ගිහාන්ද මේ පිළිබඳව
කල ලේඛනයක් පහත ඇත.

http://mrt.ac.lk/sinhala/sinhalawordlist/

ඒ අතරම අප ආයතනය විසින්
නිර්මිත ඔබ කියන ආකාරයේ එක්
ඉංග්‍රීසි වචනයකට සිංහල
වදන් කිහිපයක් ලබාදෙන වචන
13,000ක පමණ සබ්ද කෝෂයක් අප ලඟ
ඇත. නමුත් තාක්‍ෂණික වදන්
එහි නැත.

බසය, බස් එක, බස් රථය වදන් සැම
වචනයක්ම කෝෂයට අඩංගු විය
යුතුය. ඒවා වල යෙදුම
වාක්‍යමය හා කතන අවශ්‍යතා
මත වෙනස් වේ.

නිවැරදිව සිංහල ලිවීම සහ
කතා කිරීම ඉතා ගෞරවනීය බව මම
සිතමි. අනුරාධ කී අයුරින්
පරිඝණක සිංහල වචන කෝෂය
නිමැවීම අප මුල සිටන් පටන්
ගැනීම සුදුසුය.
සුමඛ බව, කෙටි වීම සහ සරළ බව
ඉතා වැදගත්.

කරනු, බලනු, හරිනු වැනි වදන්
තර්ඦනාත්මක ස්වරූපයක් ගනී.
කරන්න, බලන්න, හරින්න වැනි
වදන් ආරාධනාත්මක ස්වරූපයක්
ගනී. මා වඩා අගයන්නේ මා හට
යමෙක් තෝ කියනවාට වඩා තොප
කියනවාටය. ඊටත් වඩා ඔබ
කියනවාටය. ඔයා කීවිට සමහර
විට ප්‍රශ්න ඇති වෙනවාය :)

භාවිතා කරන්නා ඇළුම් කරන
පරිදි මෙවදන් සැකසීම
මුදුකාංගයේ ඦනප්‍රිය භාවයට
හේතුවෙයි. මෙහිදී නිර්මාණක
ගේ නිර්මාණශීලිත්වයට අප ඉඩ
දිය යුතුය. කපුටා.com "මෙතන
කොටන්න" කියා දැන් වසර හයකි.
තවමත් අය එතන කොටති. click here
වෙනුවට අප තවමත් අළුත්
වචනයක් සොයමු.

සන්නිවේදනයට සීමා නැහැ

File - ගොනුව
Edit - සැකසුම
View - දැකුම
Go - යන්න
Tools - මෙවලම්
Copy - පිටපත
Cut - කපන්න
Paste - අලවන්න


Minimize - හකුලන්න

Maximize - විහිදන්න/දිග හරින්න

අප වැනි සමූහයක් එකතු වීම
කෙතරම් අපූරුද ?

නිරංජන්෴

unread,
Feb 9, 2006, 5:19:53 AM2/9/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode

http://mrt.ac.lk/sinhala/sinhalawordlist/

Minimize - හකුලන්න

නිරංජන්෴

unread,
Feb 9, 2006, 5:22:02 AM2/9/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ලඟඳීම එකක් ලබා දෙන්නම්
කපුටා කංඩායම

Anuradha Ratnaweera

unread,
Feb 9, 2006, 5:46:16 AM2/9/06
to Sinhala...@googlegroups.com
On 2/9/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:
>
> නිවැරදිව සිංහල ලිවීම සහ
> කතා කිරීම ඉතා ගෞරවනීය බව මම
> සිතමි. අනුරාධ කී අයුරින්
> පරිඝණක සිංහල වචන කෝෂය
> නිමැවීම අප මුල සිටන් පටන්
> ගැනීම සුදුසුය.
> සුමඛ බව, කෙටි වීම සහ සරළ බව
> ඉතා වැදගත්.
>
> කරනු, බලනු, හරිනු වැනි වදන්
> තර්ඦනාත්මක ස්වරූපයක් ගනී.
> කරන්න, බලන්න, හරින්න වැනි
> වදන් ආරාධනාත්මක ස්වරූපයක්
> ගනී. මා වඩා අගයන්නේ මා හට
> යමෙක් තෝ කියනවාට වඩා තොප
> කියනවාටය. ඊටත් වඩා ඔබ
> කියනවාටය. ඔයා කීවිට සමහර
> විට ප්රශ්න ඇති වෙනවාය :)

එම අදහස් වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි... :-)

> File - ගොනුව

Folder සහ directory යන වචන වලට ගොනුව ලෙස භාවිතා කිරීම වඩාත් සුදුසු
නොවේද? නැතිනම්, එයට සුදුසු තවත් වචනයක් තිබේද?

> Edit - සැකසුම

සැකසුම යන වචනය ඉතා හොඳයි. එමගින් ගම්‍ය වචන සාදා ගැනීම පහසු නිසාය
(සකසමි, සකසමු, සකසු, සකසන්නා). දැනට process යන්නටත් එම වචනයම භාවිතා
කරනවා නොවේද? (උදා: මධ්‍යම සැකසුම් ඒකකය = CPU).

> View - දැකුම

හොඳ වචනයක්. එකඟ වෙමි. ගම්‍ය පද (view (v.) = දකිමි, දකිමු, viewer = දකින්නා)

> Go - යන්න

එකඟ වෙමි. ඉංග්‍රීසි වචනයට වඩා සිංහල වචනය හොඳයි, මන්ද සමහර ගම්‍ය පද
(උදා: යෑම්) ඉංග්‍රීසි පදයට සෑදිය නොහැකි නිසායි. :D

> Tools - මෙවලම්

ක්‍රියා පදයක් සැකසීම අපහසු නමුත්, ඉංග්‍රීසි පදය ද ක්‍රියා පදයක් ලෙස
සුලභව භාවිතා නොවන නිසා මෙයට ද මම එකඟ වෙමි. Utilities යන්නට කුමක්
භාවිතා කල යුතුද?

> Copy - පිටපත

පිටපත යන්නට වඩා හොඳ වචනයක් සිතා ගැනීමට නොහැකියි. නමුත් "කරනවා" යන්න
භාවිතා නොකර ක්‍රියා පදයක් සෑදීම අපහසුයි ("පිටපත් කරනවා", "පිටපත්
කරන්න"). එමෙන්ම සමහර ගම්‍ය පද (උදා: copier?) සාදා ගත හැකි අයුරක් සොයා
ගත යුතුයි. ඊලියන් සිල්වා මහතා යෝජනා කරන "සනකන්න" යන වචනයේ එම දුර්වල
කම් නැතත් සාමාන්‍ය වහරට හුරු කිරීම අපහසුයි.

> Cut - කපන්න

හොඳයි. ගම්‍ය පද: cut (n.) = කැපුම, cut (v.) කපමි, කපමි, cutter = කපන්නා

> Paste - අලවන්න

හොඳයි. ගම්‍ය පද සෑදීම පහසුයි.

> Minimize - හකුලන්න

හොඳයි. ගම්‍ය පද සෑදීම පහසුයි.

> Maximize - විහිදන්න/දිග හරින්න

"විහිදන්න" හොඳයි. විහිදුම, විහිදන්නා ආදි ගම්‍ය පද සරල වන බැවිනි.

> අප වැනි සමූහයක් එකතු වීම කෙතරම් අපූරුද ?

හරිම අපූරුයි.

මා මේ සමූහයට කැමති සිංහල බසින් අදහස් හුවමාරු කිරීමට හැකි නිසා පමණක්
නොවේ. කණ්ඩායම් ඇති මිත්‍රශීලී හා සුහද ආකල්ප නිසා සියලු දෙනාගේම අදහස්
යොදා ගෙන හොඳ ඉදිරි ගමනක් යෑමට ඇති පසුබිම එහි ඇතැයි මට සිතෙන නිසායි.

නිරංජන්෴

unread,
Feb 9, 2006, 12:42:33 PM2/9/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
වදන් වලට අපට සාහිත්‍යමය
රසයත් එකතු කල හැකියි
එකම වචනය තැන් දෙකක යෙදීම
වරදක් නොව්, වචන අඩු වීම
හොඳයි. පරණ වචන අපට තීව්ර
කරන්නත් පුළුවන්.
අළුත් වචන හදනවාට වඩා තිබෙන
වචනවලින් වචන හදා ගන්න එක
හොඳයි. අපි පුංචි ලමයි ගැන
පවා සිතිය යුතුයි.

Tools වලට උපාංග කියා (උපකරණ
වචනයෙන් බිඳී ඒ)
Utilities වලට මෙවලම් කියා කියමුද

Tools හා Utilities වලින් කෙරෙන්නේ
තවත් ප්‍රෝග්‍රෑම හෝ විශේෂ
කාර්යන්ට මග පෙන්වීමක්.

menu - මෙනුව, මෙනුවෙන්, මෙනුවට,
(බහලුව, බහලු) ගොනු මෙනුව,
සැකසුම් මෙනුව මා මෙනුව යන
වචනයට කැමතියි එය සරලය් බසය
වගේ.

File - ගොනුව - ගොනු, ගොනුවෙන්,
ගොනුවට, ගොනු වලින්, ගොනුව
මකන්න, ගොනුව අරින්න,ගොනුව
වසන්න, ගිනුමී ගොනුව. ගොනුව්
දත්ත විපරීත (currpt)වී තිබිණි.
ලිපි ගොනුව > මයි එස්කුවල්
දත්ත ගොනුව

ගොනුව අපි ගමු.

Directory - කුටිය නරකද, මගේ වැඩ
කුටියේ තිබුණු ගොනුව
මැකිලා. කුටියක් සදන්න,
කුටියට ලියන්න,

apache/conf කුටියේ ඇති httpd.conf ගොනුව්
port දත්තය 8080 වලට වෙනස් කර iis
සමග apache දුවවා බලන්න පුළුවන්.


සිංහල භාෂාව ඉතා ප්‍රබලයි
සන්ධි වචන වලදී .. ලියන්නාට
පුළුවන් අළුත් අදහස්
හැඟීම් ඇති කරන්න.
කුටියට දමන්න - කුටිගත කරන්න
- කුටිගතනය කිරීමෙන්
ගොනුවට ලියන්න- ගොනුගත
කරන්න. නමුත් තා්කෂණයේදී
කෙටි, සරළ හා අර්ථවත් වීම
වඩා වැදගත්, භාවිතයා කලකදී
සරළ වචන වලට ඉබේම පුරුදු වේ.

Ajith

unread,
Feb 11, 2006, 8:36:17 AM2/11/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
Hello Anuradha/ Niranjan / Chathura and all,
Thanks Anuradha for sending the link to this group. I found it very
intersting. Intrigued by the idea of Singlish (I've used the original
version of singlish a while ago, hacked it's code for my personal use
and dreamt of building a super singlish someday :)) I've put up a small
singlish equivalent in Java (which cost me about 4 hours of sleep). It
is highly configurable, with an XML mapping file but the mapping file
is not complete yet. I'll try to finish it soon and make singlish a
workable tool.
Until then you guys are welcome to have a look at the source and the
binary at
http://people.apache.org/~ajith/tools/singlish/. I'll add some
documentation soon and if the time permits me to refresh my already
rusted Sinhalese language knowledge I will be happy to contribute to
some of the core work this group is trying to accomplish.

Ajith

BTW here is a the conversion of "maa wisin kala mema kaaryaya saralay"
from singlish >
මා විසින් කල ෙමම කාර්යය
සරලය්

Thiwanka Wimalasuriya

unread,
Feb 11, 2006, 12:02:15 PM2/11/06
to Sinhala...@googlegroups.com
wow Ajith !,

I just now downloaded the java source. I will have a look at it now.

sorry for not writing in sinhala here. I still did not figureout how to write in unicode in win2000.

kind regards
-Thiwanka

නිරංජන්෴

unread,
Feb 11, 2006, 9:50:37 PM2/11/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඔබට j2me භාවිතා කළ හැකිද ? ඦංගම
දුරකතන සඳහා සිංහල කෙට්
පණිවිඩ සිංහල යුනිකෝඩ්
මිඩ්ලට් එකක් ඇත්නමි
අපූරුයි. openwap.org හි කෙට්
පණිවිඩ මුදුකාංග කීපයක්ම
තිබෙනවා. සිංහල input method එකක් සහ
විශේෂ අකරු වැලක් හදන්නට
පුලුවන්. ඔමගේ ඦාවා හැකියාව
මෙය පහසු කරාවි.

Anuradha Ratnaweera

unread,
Feb 12, 2006, 6:47:00 AM2/12/06
to Sinhala...@googlegroups.com
On 2/7/06, Anuradha Ratnaweera <gnu.sla...@gmail.com> wrote:
>
> ඉතින් ආරම්භයක් ලෙස ඉංග්රීසි පරිගණක වදන් කිහිපයකට සිංහල වදන් තැනීමට
> (හෝ දැනටමත් භාවිතා වන වදන් ගැන එකඟ වීමට) පටන් ගැනුම හොඳ යැයි මා
> සිතනවා. මේ වදන් දහය ගැන සමූහයේ අනිත් අය සිතන්නේ කුමක්ද?

ආයුබෝවන්,

සිංහලට හැරවූ ගනූ/ලිනක්ස් පද්ධතියේ එන වැඩසටහනක තිරරූප (screenshot)
කිහිපයක් මේ ලියුමට අමුණා ඇත. ඒ ගැන ඔබලාගේ අදහස් දැන ගනු කැමැත්තෙමි.

gedit-english.png
gedit-sinhala-1.png
gedit-sinhala-2.png

Ajith

unread,
Feb 12, 2006, 10:52:45 PM2/12/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ආයුෙබා්වන්
සිංග්ලිශ් පරිගණක වැඩසටහන
ප්රෙයා්ජනවත් තත්වයට ෙගනා
බව ඉතා සතුටින් දැනුම් ෙදමි.

නිරංජන්ෙග් ෙජ්2එම් ඊ ගැන
අදහස ඉතා වැදගත්ය. මාෙග්
අදහස නම් ෙමම පරිගණක
වැඩසටහන
පහසුෙවන්ම ජංගම දුරකතනයක
ඇතුලත් කල හැකි බවයි. නමුත්
ජංගම දුරකතන වල මතකය
සීමිත නිසා සමහර විට ගැටලු
මතුවිය හැකියි. ෙකෙස්ෙවතත්
කාලෙය් හැටියට ෙමම වැඩසටහන
ෙජ් 2 එම් ඊ වලට පරිවර්තනය
කිරීමට උත්සාහ කරමි.
ඇත්ෙතන්ම ජාවා වලින් ෙමම
වැඩසටහන ලිවීෙම් අරමුණ
වූෙය් පසු කාලීනව
ෙවනත් පරිගණක බසකින් (
උදාහරණ ෙලස සී ෙහා් සී++)
වලින් ලිවීමට පදනම
දමාගැනීමයි. මට
ඇත්ෙතන්ම අවශ්ය වූෙය්
තන්ඩර් බ්ර්ඩ් වැනි ලිපි
කියවීම් වැඩසටහනකට ෙමම
සිංග්ලිශ් අවකලනය කිරීමයි.
තන්ඩර් බර්ඩ් වලදී ලිපියක්
ලියන විට ඉංගිරිසි ෙකාටස සහ
සිංහල ෙකාටස ෙවන ෙවනම
ලිවීමට
ෙකාටස් ෙදකක් ෙපන්වීමට
හැකි නම් එය සිංහල පරිගණක
බාවිතා කරන්නන්ට මහත්
පහසුවක්
ෙවනවා නියතය. ෙමවැනි
වැඩසටහනක නියම ප්රෙයා්ජනය
අත්වන්ෙන් එවිට බව මාෙග්
අදහසයි.
එෙස්ම ෙමම මුලු පණිවිඩයම
ලීෙව් සිංග්ලිශ් වලින් බවද
ෙමම මුලු වැඩසටහෙන්ම ෙක්තය
අපාචි බලපත
යටෙත් නිකුත් කල බවද
සතුටින් සඳහන් කරමි.
අජිත්
ප.ලි. මා ලග ඇත්ෙත් මලිති
ෙවබ් නම් අකුරැ මාලාවයි.
සිංහල යුනිෙකා්ඩ් සමූහෙය්
පනිවිඩ කියවන විට සමහර
අකුරැ ෙපෙනෙන්
වැරදියට ෙමන් ෙපෙන්. ඔබ හැම
පාවිච්චි කරන්ෙන් කුමන
අකුරැ මාලාවද?
සිංග්ලිශ් ලියන විටද මා
ෙයාදා ගත්ෙත් මලිති අකුරැ
මාලාවයි. සිංග්ලිශ්
ඉතා පහසුෙවන් ෙවනත් අකුරැ
මාලාවක් සමග වැඩ කිරීමට
පරිවර්තනය කල හැකියි.
නමුත් ෙම් අකුරැ මාලාවන්
අතර ෙවනස දැන ගැනීමට
කැමැත්ෙතමි.

Chathura Jayarathne

unread,
Feb 13, 2006, 12:23:20 AM2/13/06
to Sinhala...@googlegroups.com
ආයුෙබා්වන්,
 
 අපූරෑයි.....අජ්ත් ....මාෙග් සුබ පැතුම්.
සිංග්ලිශ් - ජාවා .....බා්ෙහා් කාලයක් තිස්ෙස් හිෙත් තිබුන අෙප්ක්ෂාවක් යටාර්තයක් බවට පත්ෙවලා.
 
තිවoකත් ෙමගැන ෙබාෙහා් සන්ෙතා්ශ ෙවන බව මම ෙහාදින්ම දන්නවා.
 
ෙමය වඩාත් දියුණු කර පරිගණකෙය් යුගය වර්ණවත් කරන්න අපි සැෙවාම එක් ෙවමු.      
 ( අක්ශර ෙදා්ශ ගැන කමන්න.)
--
Chathura Jayarathne®

නිරංජන්෴

unread,
Feb 15, 2006, 2:59:33 PM2/15/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ආයුබෝවන් ඔබට සහ සිනග්ලිෂ්
දෙකටම
වෙබ් මලිති, එල්කේලුග් ,
කපුටා, දිනමිණ නිදහස් සිංහල
අකුරුවැල් ප්‍රමිතිය එකයි.
හැඩ ප්‍රමාණ, හා රීති ව‍ලින්
දර්ශනය වෙනස් විය හැකියි.
ඔබ ලියූ දෙය මට හොදින්
පෙනෙනවා කපුටා අකුරුවැල
භාවිතා කර ගුණ අගුණ කියන්න.

අප ඦංගම දුකට යද්දී අළුතින්
සිතිය යුතුයි, ඦංගමය තුල බර
අඩු කරන්නට කපුටාටත් වඩා
ඉතා තුනී අකුරු වැලක්
නිර්මාණය කල හැකිය. තවත් එක්
වැරදි ක්‍රමයක් තිබේ එනම්
යුනිකෝඩ් යවන හා ලැබෙන
පරිදි පරිවර්ථකයක් යොදාගන
සද්ද නැතිව අැස්කි අකුරු
අැතුෙල් භාවිතයයි. නිදහස්
මුදුකාංග වලදී අප එය කල
යුතුදැයි මා දන්නේ නැහැ.
කෙස් උනත් සරලව තබාගෙන ගමන
යන්න.

නිරංජන්෴

unread,
Feb 15, 2006, 3:08:13 PM2/15/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
වැරදි වැරදි තමා අපි අකුරු
ඉගන ගත්තේ
යුනිකෝඩුත් එහෙම තමා
කිරිකෝඩුට යුනිකෝඩු!

sapumal....@gmail.com

unread,
Feb 16, 2006, 6:33:57 AM2/16/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode

හිතවත් තැපැල් හවුලේ
මිතුරන් වෙත,

SLS1134 එකේ තියන සිංහල සම්මත
යතුරැ පුවරැව අනුව ජාවා
සඳහා සැකසුනු සිංහල input method
එකක් සඳහා
https://sourceforge.net/projects/jsinhalization බලන්න.
තිරරෑපයක් (මේ වගේ මරැ වචන
මෙම විද්‍යුත් තැපැල්
හවුලට ලියුම් ලියන අය
කොහෙන් හොයාගන්නවද මන්දා)
බලන්න ඕනනම් මෙන්න
(https://sourceforge.net/project/screenshots.php?group_id=132259&ssid=7789).
මෙය ඉතා පහසුවෙන් j2me තුලට
ඔබාගත හැකිවෙතැයි සිතමි.
දුක හිතෙන කතාව නම් මෙය
ඉදිරියට කරගෙන යාමට මට
කාලවේලාව නොමැති වීමයි.
එනිසා ඔබ සැමගේ ආධාර උපකාර
අවශ්‍යයයි.

අජිත්ගේ සිංග්ලිෂ් බැලීමට
වේලාවක් නොමැති විය. ලින්ක්
එකත් වැඩකරනවද මන්දා. නමුත්
මාගේ මතකයන් නිවැරදි නම්
පහත දැක්වෙන මෘදුකාංග
වලින් කරන්නේද සිංග්ලිෂ්
වලින් කරන දේ බැව් සිතමි,

http://sourceforge.net/projects/slwriter

තවද ජාවා වලින් කරන ලද
මෙවැන්නක් මාගේ මතකයට
එනවාය-යනවාය. මතක් උන ගමන්
ලින්ක් එක එවන්නම්. මතක්
උනා, කලේ තිමල්. මේ සයිට් එකේ
නැත්තං එයාට මේල් කරලා
ඉල්ලගන්න පුලුවන්
(http://www-users.cs.york.ac.uk/~thimal/UniLiteral/). මම
හිතන්නේ මම බැලුවේ එහෙමයි.

අනිත් එක තමයි සිංග්ලිෂ්
කියන නම. මේ ලින්ක් එක බලන්න
http://en.wikipedia.org/wiki/Singlish

ස්තූතිය්,
සපුමල් ජයරත්න.

Prasad Gunaratne

unread,
Feb 16, 2006, 10:00:34 PM2/16/06
to Sinhala...@googlegroups.com
Hello Niranjan/Sapumal,
 
I am on annual leave starting today for 1 week. I plan to dedicate it full time to Unicode Sinhala!!!. If you have any programming tasks please let me know. Otherwise I already have plans to hack sample IME by Microsoft (Japanese) and port it to Sinhala.
 
regards
Prasad

 
> ඔබට j2me භාවිතා කළ හැකිද ? ඦංගම
> දුරකතන සඳහා සිංහල කෙට්
> පණිවිඩ සිංහල යුනිකෝඩ්
> මිඩ්ලට් එකක් ඇත්නමි
> අපූරුයි. openwap.org හි කෙට්
> පණිවිඩ මුදුකාංග කීපයක්ම
> තිබෙනවා. සිංහල input method එකක් සහ
> විශේෂ අකරු වැලක් හදන්නට
> පුලුවන්. ඔමගේ ඦාවා හැකියාව
> මෙය පහසු කරාවි.

හිතවත් තැපැල් හවුලේ
මිතුරන් වෙත,

SLS1134 එකේ තියන සිංහල සම්මත
යතුරැ පුවරැව අනුව ජාවා
සඳහා සැකසුනු සිංහල input method
එකක් සඳහා
https://sourceforge.net/projects/jsinhalization බලන්න.
තිරරෑපයක් (මේ වගේ මරැ වචන
මෙම විද්‍යුත් තැපැල්
හවුලට ලියුම් ලියන අය
කොහෙන් හොයාගන්නවද මන්දා)
බලන්න ඕනනම් මෙන්න

Anuradha Ratnaweera

unread,
Feb 16, 2006, 11:20:28 PM2/16/06
to Sinhala...@googlegroups.com
On 2/17/06, Prasad Gunaratne <prasad.g...@gmail.com> wrote:
>
> I am on annual leave starting today for 1 week. I plan to dedicate it full
> time to Unicode Sinhala!!!. If you have any programming tasks please let me
> know. Otherwise I already have plans to hack sample IME by Microsoft
> (Japanese) and port it to Sinhala.

How about some coding/testing on UNIX/GNU/Linux? ;-)

Anuradha

Prasad Gunaratne

unread,
Feb 17, 2006, 12:06:03 AM2/17/06
to Sinhala...@googlegroups.com
Not a bad idea. Haven't touched linux for sometime. But my ubuntu box arrived last week. Can't wait until I install it.That's one of my "to do" for next week. Will be in touch with you very soon.

Anuradha Ratnaweera

unread,
Feb 17, 2006, 12:17:47 AM2/17/06
to Sinhala...@googlegroups.com
On 2/17/06, Prasad Gunaratne <prasad.g...@gmail.com> wrote:
>
> Not a bad idea. Haven't touched linux for sometime. But my ubuntu box
> arrived last week. Can't wait until I install it.That's one of my "to do"
> for next week. Will be in touch with you very soon.

[First, apologies for communicating in English on the list, but if
Prasad can confirm that he can read Sinhala, I'll switch.]

This is *VERY* great news indeed! I have created debs for Ubuntu
breezy that makes installing Sinhala support a single command. Many
people have reported it to be working fine. Here is a mail from Dr
Chamath of the UCSC (who himself wrote the first GTK input method
module) which shows how to get it working:

http://www.lug.lk/lurker/thread/20060217.040200.cc9da925.en.html

Right now, the last critical remaining step is to get Sinhala
rendering working on OpenOffice. Harshula has done a patch which
needs testing and fixing a couple of bugs. If you can spend a bit of
your time on that, we should have a complete system.

Here is a link to his post:

http://www.lug.lk/lurker/thread/20060217.041707.91028d01.en.html

Please do let me know what you think. Also, consider joining our
sinhala list. http://mail.linux.lk/cgi-bin/mailman/listinfo/sinhala

Ajith

unread,
Feb 17, 2006, 2:46:38 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
සිංහල යුනිෙකා්ඩ් සමූහෙය්
සියල්ලන් ෙවත,
සිංග්ලිශ් අපූරැවට වැඩ කරන
බව ඇසීමත් සතුටක්. මෙග්
අපාචි ලින්ක් එක නම් වැඩ කල
යුතුයි
(සමහර ෙවලාවට අපාචි පරිගණක
ෙස්ව කල ෙවලාවක සපුමල්
බැලුවාද දන්ෙන නැහැ).
තිවංක දැනටමත් ඔහුෙග්
සිංග්ලිශ් ෙවබ් පිටි වල ෙමම
ලින්ක් එක ඇතුලත් කර අවසන්.
ඇත්ෙතන්ම ෙමම වැඩසටහන ලියන
විට (ෙමය ලීෙව් මීට සතියකට
පමණ ෙපර එක දිනකින්)
ෙමවැනි ෙවනත් වැඩසටහන්
වලින් මා දැන සිටිෙය් දැනට
තිවංක විසින් ෙස්වා කරන
ෙවබ් පිටිවල
ඇති වැඩසටහ පමණයි. එෙහත්
ෙම් සම්බන්දව සම්මතයක්
ඇත්නම් ෙමම සිංග්ලිශ්
වැඩසටහන එම සම්මතයට අනුකුල
කිරීමට මා කැමතියි.
මම පුලුවන් ඉක්මනින් ෙමම
ජංගම දුරකතනයකට ෙයාදන්න
උත්සාහ කරන්නම්.

අජිත්

Chathura Jayarathne

unread,
Feb 17, 2006, 3:08:17 AM2/17/06
to Sinhala...@googlegroups.com
ආයුෙබා්වන්,
 
අපාචී ලින්ක් එක නිවැරදියි. පසාද් දක්වා තිබුන විකිපීඩියා විස්තරයට අපගේ සිංග්ලිශ් ගැනත් විස්තර ඇතුලත් කර   කරමුද?
 


 
On 2/17/06, Ajith <ajith.r...@gmail.com> wrote:
සිංහල යුනිෙකා්ඩ් සමූහෙය්
සියල්ලන් ෙවත,
සිංග්ලිශ් අපූරැවට වැඩ කරන
බව ඇසීමත් සතුටක්. මෙග්
අපාචි ලින්ක් එක නම් වැඩ කල
යුතුයි
(සමහර ෙවලාවට අපාචි පරිගණක
ෙස්ව කල ෙවලාවක සපුමල්
බැලුවාද දන්ෙන නැහැ).
තිවංක දැනටමත් ඔහුෙග්
සිංග්ලිශ් ෙවබ් පිටි වල ෙමම
ලින්ක් එක ඇතුලත් කර අවසන්.
ඇත්ෙතන්ම ෙමම වැඩසටහන ලියන
විට (ෙමය ලීෙව් මීට සතියකට
පමණ ෙපර එක දිනකින්)
ෙමවැනි ෙවනත් වැඩසටහන්
වලින් මා දැන සිටිෙය් දැනට
තිවංක විසින් ෙස්වා කරන
ෙවබ් පිටිවල
ඇති වැඩසටහ පමණයි. එෙහත්
ෙම් සම්බන්දව සම්මතයක්
ඇත්නම් ෙමම සිංග්ලිශ්
වැඩසටහන එම සම්මතයට අනුකුල




--
Chathura Jayarathne®

sapumal....@gmail.com

unread,
Feb 17, 2006, 4:58:53 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
හිතවත් තැපැල් හවුලේ
මිතුරන් වෙත,

දැනට මෙහි සාකච්ඡාවට බඳුන්
වූ වචන හා යෝජනා සාරංශ
කරන්නේ නම් මෙසේය.

File - ගොනුව

Edit - සැකසුම

View - දැකුම

Go - යන්න
Tools - මෙවලම් / උපාංග
Utilities - මෙවලම් / උපාංග
Copy - පිටපත
Cut - කපන්න
Paste - අලවන්න


Minimize - හකුලන්න

Maximize - විහිදන්න / දිග හරින්න
menu - මෙනුව / බහලුව


Directory - කුටිය

> Cut - කපන්න

හොඳයි. ගම්‍ය පද: cut (n.) = කැපුම,
cut (v.) කපමි, කපමි, cutter = කපන්නා

කපන්න වෙනුවට ගලවන්න කියා
භාවිත කිරීම මගේ කැමැත්තයි.
එවිට ගලවන්න - අලවන්න ආකාරයේ
සාම්‍යයක් ඇතිවෙන බව හැඟේ.
ගලවා අලවන්න (cut and paste) කීවිට
අලංකාර නොවේද? දැනටත් සමහරැ
ගලවන්න යන වචනය කටවහරේදී
යොදාගනිති. ගම්‍ය පද සෑදීමද
පහසුය.

ස්තූතියි,

සපුමල්.

Anuradha Ratnaweera

unread,
Feb 17, 2006, 5:06:10 AM2/17/06
to Sinhala...@googlegroups.com
On 2/17/06, sapumal....@gmail.com <sapumal....@gmail.com> wrote:
>
> View - දැකුම

දැක්ම, දැකුම, දැකීම යන වදන් වලින් වඩාත් ගැලපෙන්නේ කුමක්ද? බොහෝ විට,
view -> tools වැනි මෙනු වල මෙය භාවිතා වේ. එවිට දැකීම -> මෙවලම්, දැකුම
-> මෙවලම්, දැක්ම -> මෙවලම් යන පද තුනම එතරම්ම සුදුසු නොවේ යැයි හැගේ.
මෙනුවක view යන්න ක්‍රියා පදයක් ලෙස සැලකූ විට මෙම ගැටලුව මග හැරේ.
දකින්න -> මෙවලම් යන්න හොඳයි නේද?

> කපන්න වෙනුවට ගලවන්න කියා
> භාවිත කිරීම මගේ කැමැත්තයි.

cut යන්නට ගලවන්න කියා කීමට මමද වඩා කැමති වෙමි. ඇත්තෙම්ම, මෙය
ඉංගිරිසියෙන් යොදා ඇති වදනට වඩා ගැලපෙන බව මගේ හැඟීමයි... :-)

Chathura Jayarathne

unread,
Feb 17, 2006, 5:13:33 AM2/17/06
to Sinhala...@googlegroups.com
View - දසුන් ෙලස ෙයදීම සුදුසු ෙනාෙවද?
 
 
 


 
On 2/17/06, Anuradha Ratnaweera <gnu.sla...@gmail.com> wrote:
On 2/17/06, sapumal....@gmail.com < sapumal....@gmail.com> wrote:
>
> View - දැකුම

දැක්ම, දැකුම, දැකීම යන වදන් වලින් වඩාත් ගැලපෙන්නේ කුමක්ද?  බොහෝ විට,
view -> tools වැනි මෙනු වල මෙය භාවිතා වේ.  එවිට දැකීම -> මෙවලම්, දැකුම
-> මෙවලම්, දැක්ම -> මෙවලම් යන පද තුනම එතරම්ම සුදුසු නොවේ යැයි හැගේ.
මෙනුවක view යන්න ක්‍රියා පදයක් ලෙස සැලකූ විට මෙම ගැටලුව මග හැරේ.
දකින්න -> මෙවලම් යන්න හොඳයි නේද?

> කපන්න වෙනුවට ගලවන්න කියා
> භාවිත කිරීම මගේ කැමැත්තයි.

cut යන්නට ගලවන්න කියා කීමට මමද වඩා කැමති වෙමි.  ඇත්තෙම්ම, මෙය
ඉංගිරිසියෙන් යොදා ඇති වදනට වඩා ගැලපෙන බව මගේ හැඟීමයි... :-)

       අනුරාධ
--





--
Chathura Jayarathne®

Anuradha Ratnaweera

unread,
Feb 17, 2006, 5:44:50 AM2/17/06
to Sinhala...@googlegroups.com
On 2/17/06, Chathura Jayarathne <tocha...@gmail.com> wrote:
>
> View - දසුන් ෙලස ෙයදීම සුදුසු ෙනාෙවද?

දසුන් හොඳ වදනක් කියා මමත් සිතමි.

- view සහ views යන පද (නාම පද) වලට දසුන සහ දසුන් ඉතාම ගැලපේ යැයි සිතමි
(සකු දර්ශණ යන්නෙන් බිඳී ආවක් වුවත්, දසුන් යන්න සරල හා සුගම යයි දැනේ).

- view යන්න ක්‍රියා පදයක් ලෙස භාවිතා කරන විට, දකිමි, දකිමු, දකිනවා,
දකින්න ලෙසින් යොදන්නට සිදු වෙනවා නේද? මෙයට මගේ අකමැත්තක් නැත.

- මෙනුවක ඇති view යන්න නාම පදයකට වඩා ක්‍රියා පදයක් ලෙස සැලකිය යුතු නොවේද?

Anuradha Ratnaweera

unread,
Feb 17, 2006, 5:50:47 AM2/17/06
to Sinhala...@googlegroups.com
> Tools - මෙවලම් / උපාංග
> Utilities - මෙවලම් / උපාංග

Tools යන්නට මෙවලම් ලෙසත් Utilities යන්නට උපාංග ලෙසත් භාවිතා කරමු නේද?
නැතිනම් එම වචන දෙක මාරු කරමුද?

sapumal....@gmail.com

unread,
Feb 17, 2006, 6:33:36 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
tool යන්නට වඩාත් සුදුසු
මෙවලම් යැයි මටද සිතේ.
කාර්මික ‍ක‍ෂේත්‍රයේදී toolbox
සඳහා මෙවලම් මල්ල යනුවෙන්
යොදනු මා අසා ඇත. toolbar සඳහා
මෙවලම් පුවරැව ලෙස යොදාගත
හැක. utilities යන්නට උපාංග යන නමට
වඩා සුදුසු වචනයක් නොමැතිද?

Anuradha Ratnaweera

unread,
Feb 17, 2006, 6:40:22 AM2/17/06
to Sinhala...@googlegroups.com
> utilities යන්නට උපාංග යන නමට
> වඩා සුදුසු වචනයක් නොමැතිද?

වෙනත් වඩා සුදුසු වචනයක් තිබේ නම් එය යොදා ගැනීමට මගේ අකමැත්තක් නැත.

Ajith

unread,
Feb 17, 2006, 7:47:01 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ආයුෙබා්වන්,
සපුමල් ෙපන්වූ තැන තිෙබන
යුනිලිටරල් වැඩසටහන ෙදස
බැලුවා. ඇත්ෙතනම එය තරමක්
සංකීර්ණ බවයි ෙපෙනන්ෙන්.
නමුත් එහි තිෙබන්ෙන්ත්
එක්ස් එම් එල් ෙගානුවක්
නිසා වැඩි ෙවෙහසකින් ෙතාරව
සිංග්ලිශ් වලට හරවන්නට
හැකි බවත්
සිෙතයි.යුනිලිටරල් වල
තිෙබන අවාසියක් ෙලස මට
ෙපෙනන්ෙන් එය ෙබාෙහා්
බාහිර වැඩසටහන් මත රඳා
පැවතීමයි.
මම මුලින් කිවූ ෙලසටම
ෙමවැනි වැඩසටහනක නියම අගය
රඳාපවතින්ෙන් එය තන්ඩර්
බර්ඩ්
වැනි පරිගණක පාවිච්චි
කරන්නන් නිතරම ගැෙටන
වැඩසටහනකට අවකලනය
කිරීෙමනුයි. ඉතින්
මෙග් උත්සාහය ඉක්මනින්ම
සිංග්ලිශ් එවැනි තත්වයකට
පත් කිරීමයි.
අනුරාධ, ලිනක්ස් සඳහා ඔබ
ෙයාදා ගත් අකුරැ ක්රමය
(transliteration scheme) තිෙබනවාද? මෙග්
අවෙබා්දය නම් සිංග්ලිශ්
සඳහාත් එම ක්රමයම ෙයාදා
ගැනීම සුදුසු බවයි.

අජිත

Ajith

unread,
Feb 17, 2006, 7:56:14 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
අප ෙමනුවක ඇති view යන්ෙනන්
බලාෙපාෙරාත්තු වන්ෙන්
ෙපනුම ෙවනස් කිරීම නිසා view =
ෙපනුම ෙලසින් ෙයදීම නරකද?

නිරංජන්෴

unread,
Feb 17, 2006, 10:13:20 AM2/17/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඉතා හොඳයි, ජපානය අපට වඩා
කෙතරම් ඉදිරියෙන්ද? සිංහල
පරිගණකයට අප එකතු වීමෙන්
දිනක අපට ඔවුන් හා සමවන්නට
පුලුවන්. වැඩේ හරිගිය පසු
අපටත් ලියන්න

sapumal....@gmail.com

unread,
Feb 20, 2006, 7:36:46 AM2/20/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
utilities වලට යෙදවුම් වගේ එකක්
කොහොමද? utilize කියන්නේ
යොදාගන්නවා කියන එකනේ.
සිංහල වචන සෑදීමේදී
ඉංග්‍රීසි වචනයට හරියටම
අර්‍ථය ගැලපෙන්නම ඕන නෑ.
සන්දර්භය තුල යොදාගැනීම
උචිත නම් කවරක් වුවත්
යොදාගත්තාට වරදක් නෑ. එනිසා
උපාංග යන නමත් හොඳට
ගැලපෙනවා. නමුත් tools / utilities,
මෙවලම් / උපාංග වූවිට සිංහල
තේරැම් දෙකම ටිකක් එකම
වගෙයි. ඒකයි මට තියන ගැටලුව.

Chathura Jayarathne

unread,
Feb 20, 2006, 7:50:30 AM2/20/06
to Sinhala...@googlegroups.com
යෙදවුම් යන්න අපූරෑ වචනයක්..
Application - ෙයදුම් ෙලසින් ෙබාෙහා් කලක් තිස්ෙස් පාවිච්චි ෙවනවා ෙන්ද? 
යෙදවුම්-ෙයදුම් අතර යම් පැටලීමක් ෙව්විද?

 
On 2/20/06, sapumal....@gmail.com <sapumal....@gmail.com > wrote:
utilities වලට යෙදවුම් වගේ එකක්
කොහොමද? utilize කියන්නේ
යොදාගන්නවා කියන එකනේ.
සිංහල වචන සෑදීමේදී
ඉංග්‍රීසි වචනයට හරියටම
අර්‍ථය ගැලපෙන්නම ඕන නෑ.
සන්දර්භය තුල යොදාගැනීම
උචිත නම් කවරක් වුවත්
යොදාගත්තාට වරදක් නෑ. එනිසා
උපාංග යන නමත් හොඳට
ගැලපෙනවා. නමුත් tools / utilities,
මෙවලම් / උපාංග වූවිට සිංහල





--
Chathura Jayarathne®

Prasad Gunaratne

unread,
Feb 23, 2006, 8:40:49 PM2/23/06
to Sinhala...@googlegroups.com
අජිත් ෙග්  Singlish බාගත්තා. නියමයි.  දැන් මම සිංහල ලියන්ෙන් ඒෙකන්. ෙපාඩි ඇඩුපාඩු තියැනවා. But really impressive.

On 2/12/06, Ajith < ajith.r...@gmail.com> wrote:

Hello Anuradha/ Niranjan / Chathura and all,
Thanks Anuradha for sending the link to this group. I found it very
intersting. Intrigued by the  idea of Singlish (I've used the original
version of singlish a while ago, hacked it's code for my personal use
and dreamt of building a super singlish someday :)) I've put up a small
singlish equivalent in Java (which cost me about 4 hours of sleep). It
is highly configurable, with an XML mapping file but the mapping file
is not complete yet. I'll try to finish it soon and make singlish a
workable tool.
Until then you guys are welcome to have a look at the source and the
binary at
http://people.apache.org/~ajith/tools/singlish/. I'll add some
documentation soon and if the time permits me to refresh my already
rusted Sinhalese language knowledge I will be happy to contribute to
some of the core work this group is trying to accomplish.

Ajith

BTW here is a the conversion of "maa wisin kala mema kaaryaya saralay"
from singlish >
මා විසින් කල ෙමම කාර්යය
සරලය්


නිරංජන්෴

unread,
Feb 24, 2006, 11:02:56 AM2/24/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
උහතකෝටි ප්‍රශ්නයක්,
සෑහෙන්ඩ බොන්ඩ වෙනවා මේක
විසඳාගන්න, කොහොම උනත්
යෙදවුම් යන්න ඇප්ලිකේෂන්
වලට ආ ලස්සනම යෙදුම , වදන්
සැකසුම සඳහා හොදම
මුදුකාංගය කියනවාට වඩා
ලස්සනයි, වදන් සැකසුම සඳහා
හොදම යෙදවුම කියන එක. උපාංග,
මෙවලම්, යෙදවුම්
උපාංග - utilities (කණ, නාසය, කකුල,
අංගෝපංග)
මෙවලම් - tools (යතුර,
ඩික්ෂණරිය,උදැල්ල,කඩුව,පීර)
යෙදවුම් - Applications (කරත්තය,
බසය,පාසල)
සාමාන්‍ය ඦීවිතය සමග
සිතීමත්, අනුන් එය අවබෝධ කර
ගන්නා අයුරු කලින් සිතීමත්
පණ යන වැඩක් !
නිරංඦන්෴

නිරංජන්෴

unread,
Feb 24, 2006, 12:06:49 PM2/24/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඦංගම දුරකතනයට ඔබ යුනිකෝඩි
සම්පූර්ණයෙන්ම යොදගන්නවා
නම් මා කැමතියි ඦංගමයන්
ලොකු වනවා යුනිකෝඩ් තව අපේ
කාළයේ පවතීවි. අපි ඦංගමයට
බරඅඩු කුඩා අකුරු වැලක්
හදන්නම්, ඦංගමයෙන් ලියන
සිංහල අදහස් ෆෝම් සබ්මිට්
එකකින් සමූහයකට දාන්න හදමු
පලවැනි පියවර හැටියට. සිංහල
යුනිකෝඩ් ප්‍රචාරයට හොඳ
ක්‍රමයක්. දාන ඒවා කියවන්න
පුළුවන් http read එකකින්, මුලදි
text පමණක් උනත් ඇති, දාන්ඩයි,
බලන්ඩයි විතරයි. දැනටමත් අප
ඉතා හොඳ ඦංගම සමූහයකට පසුඅග
නිමවා තියනවා , සිංහල
බවුසරයක් හදාගන්නකන් ඉන්න
වෙනවා

අවම මූලික වැඩකරන
නිර්මණයක් තියනවානම් අපට
එය සංවර්ධනයට මුදල්
සපයාගන්නට පුළුවන්
සිංහල රෝමනුකරණ උපාංග සඳහා
අප සැකසූ ආයතන ප්‍රමිතියක්
තිබෙනවා, ඉන් තමා අප www.gov.lk එක
කලේ. දින කිහිපයකදී ලබා
දෙන්නම් තුසිත ආ පසුව. ඔහු
එය ගැඹුරු ලෙස හැදෑරුවා, එය
ඔබට ප්‍රයෝඦනවත් වේවි.

http://www.tipic.com/tipicweb බලන්න

ඔබගේ දායකත්වය ඉතා ඉහලින්
අගයමි
දිනකදී භෞතිකවද හමුවෙමු.
නිරංඦන්෴

Prasad Gunaratne

unread,
Feb 25, 2006, 9:01:21 AM2/25/06
to Sinhala...@googlegroups.com
Anuradha,

Thanks for this. First apologies that I could not start on this work earlier. But finally managed to start it today. Spent nearly entire day on this but did not get where I want. Need some help how to install your Sinhala pack. I followed
http://www.lug.lk/lurker/thread/20060217.040200.cc9da925.en.html link and got following errors.

root@kantale:/etc/apt# apt-get install sinhala-gnu-linux
Reading package lists... Done
Building dependency tree... Done
W: Couldn't stat source package list http://sinhala.linux.lk ./ Packages (/var/lib/apt/lists/sinhala.linux.lk_debian_i386_breezy_._Packages) - stat (2 No such file or directory)
W: You may want to run apt-get update to correct these problems
E: Couldn't find package sinhala-gnu-linux
root@kantale:/etc/apt# apt-get update
Ign http://sinhala.linux.lk ./ Release.gpg
Ign http://sinhala.linux.lk ./ Release
Ign http://sinhala.linux.lk ./ Packages
Get:1 http://sinhala.linux.lk ./ Packages [4468B]
Fetched 4468B in 3s (1265B/s)
Reading package lists... Done
root@kantale:/etc/apt# apt-get install sinhala-gnu-linux
Reading package lists... Done
Building dependency tree... Done
Some packages could not be installed. This may mean that you have
requested an impossible situation or if you are using the unstable
distribution that some required packages have not yet been created
or been moved out of Incoming.

Since you only requested a single operation it is extremely likely that
the package is simply not installable and a bug report against
that package should be filed.
The following information may help to resolve the situation:

The following packages have unmet dependencies:
  sinhala-gnu-linux: Depends: libskim0 but it is not going to be installed
                     Depends: skim but it is not going to be installed
E: Broken packages

However I continued the installation. It upgraded firefox and fonts and reported success. But now I can't see any Sinhala charactor at all! (earlier I could see default fonts came with Ubuntu).

Now when I run "gnome-app-install"  I get the following error:

/usr/bin/gnome-app-install &
[1] 8148
root@kantale:/home/prasad# Traceback (most recent call last):
  File "/usr/bin/gnome-app-install", line 41, in ?
    from AppInstall import AppInstall
  File "/usr/lib/gnome-app-install/AppInstall.py", line 30, in ?
    import gtkmozembed
ImportError: libgtkembedmoz.so: cannot open shared object file: No such file or directory


Not sure how to fix this.

I think thre seem to be some missing files. For example I think scim/skim wasn't installed.

Any help?

Thank you.

On 2/17/06, Anuradha Ratnaweera <gnu.sla...@gmail.com> wrote:

Prasad Gunaratne

unread,
Feb 26, 2006, 1:00:09 AM2/26/06
to Sinhala...@googlegroups.com
යාන්තම් සිංහල දාගත්තා. මගේ පළමු ඊ-මේල් එක අමතක කරන්න. දැන් තියෙන

(1)gnome-app-install is broken- reports missing lib. =>ImportError: libgtkembedmoz.so: cannot open shared object file: No such file or directory
(2) firefox Sinhala rendering is not good.
Reply all
Reply to author
Forward
0 new messages