nuke, wordpress, drupal, jumala ගැන අදහස් ?

7 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Jun 2, 2007, 4:31:54 AM6/2/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි
වඩා හොඳ කුමක්ද ?
මගේ මිතුරකු ඇසූ ප්‍රශ්නයට මගේ පිළිතුර සසඳා බැලීම සඳහා සමූහයට ඉදිරිපත්
කරමි.

ඔබ nuke, wordpress, drupal, jumala , b2evolution නිදහස් මුදුකාංග
භාවිතා කරන්නෙක් නම්
ඒ ගැන අදහස් මොනවාද ?

ස්තූතියි

නිරංජන්෴
www.sinharaja.com
www.kaputa.com
www.shilpasayura.org

Dhammike Mendis

unread,
Jun 2, 2007, 5:37:57 AM6/2/07
to Sinhala...@googlegroups.com
හිතවත් නිරංජන්,
 
මා දැනට වෙබ් අඩවි කිහිපයක් සඳහා drupal, joomla, mambo, phpnuke, wodrpress යොදා ගෙන තිබෙනවා.
 
මේ අතුරින් drupal වටා විශාල සමූහයක් සිටින අතර ඒ සඳහා නිපදවා ඇති මොඩියුල ප්‍රමාණයද අති විශාලයි. නමුත් drupal හි ඇති admin control panel එක ඒ තරම්ම user friendly නැහැ.
 
Joomla යනු Mambo සමාජයෙන් වෙන් වූ පිරිසක් විසින් නිපදවන් ලද මෘදුකාංගයක්. දැන් එය ඉතාමත් දියුණු තත්වයක පවතිනවා. පසුගිය වසරේ පැවති Content Management System (CMS) තරඟාවලියේ පලමු තැනට පැමිනියේ Joomla. දෙවැනියා drupal. Joomla හි විශිෂ්ට admin control panel එකක් තිබෙනෙවා. එමෙන්ම දැන් දැන් ඒ වටා රොක් වන පිරිසද අති විශාලයි. Joomla 1.0.12 හි යුනිකෝඩ් වල සමහර ගැටලු තිබුනත් පොඩි වෙනස් කිරීම් කිහිපයකින් ඒවා මග හරවා ගත හැකිය. 1.5 (මීලඟ සංස්කරණයේ) හි එම ගැටලු සකසා තිබෙනෙවා.
 
මා විසින් Joomla  සඳහා සිංහල යුනිකෝඩ් පැකේජය සාදා නිම කර ඇති අතර ව්‍යාපෘති පිටුව:
 
http://joomlacode.org/gf/download/docmanfileversion/542/10747/Sinhala-UTF8-lang-1-0-12.zip වෙතින් පැකේජය බාගත හැක.
 
PHP Nuke මා හට පෞද්ගලිකව ඒ තරම් සතුටුදායක මෘදුකාංගයක් නොවේ.
www.moe,gov.lk භාවිතා කර ඇත්තේ PHP Nuke.
 
ඔබට මෙකී නොකී සියලු CMS සසඳා බැලීමට අවශ්‍යනම් http://www.cmsmatrix.org/ වෙත පිවිසෙන්න.
 
--
ධම්මික මෙන්ඩිස්
Dhammike Mendis

M:+94-77-781-0899
E: dham...@mail.ru, dhammik...@gmail.com
W: http://dhammike.blogspot.com

Anandawardhana

unread,
Jun 2, 2007, 7:30:15 AM6/2/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
නිරංජන්,
wordpress තමයි අද වඩාත් ම භාවිතා වන විවෘත මූල බ්ලොග් මෘදුකාංගය(open
source blogging software). මම වසර කීපයක් තිස්සේ භාවිතා කර ඇති නිසා එහි
අනර්ඝත්වය ගැන සහතික වෙන්න පුළුවන්. wordpress.org වෙතින් බාගෙන තමන්ගේ ම
වෙබ් අඩෙවියක් තුළ ස්ථාපනය කරගැනීම හෝ wordpress.com හි නොමිලේ භාවිතා
කිරීම යන දෙක ම කළ හැකියි. මින් පළමු ක්‍රමය වඩාත් නම්‍යශීලීයි. ඔබට
අවශ්‍ය ඕනෑ ම ආකාරයකට අඩෙවිය සැලසුම් කරගන්නත් පුළුවන්. අද ලෝකයේ වෘත්තීය
බ්ලොග් රචකයින් බොහො දෙනෙක්, ඇතැම් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා
wordpress බ්ලොග් භාවිතා කරනවා. එයට දායකත්වය සපයන wordpress සමූහයක් ලොව
වටා ම සිටින නිසා plug-ins වර්ග හා පිරිතල සැලසුම් (layout designs/
templates) විශාල වශයෙන් නිපදවෙනවා. ඒ නිසා අංග සම්පූර්ණ වෙබ් අඩෙවියක්
සකසා ගැන්ම සඳහා මට නම් wordpress තමයි අංක එකට නිර්දේශ කරන්න පුළුවන්.
මෙය කොතරම් ජනප්‍රිය හා පහසු ද කියතොත් දැන් yahoo වැනි web hosting සේවා
සිය පැකේජ සමග නොමිලේ wordpress ස්ථාපනය ලබාදෙනවා. එහි පාලක පුවරුව ඕනෑම
කෙනෙකුට අවබෝධ කරගත හැකි පරිදි සරල වීම අතිරේක වාසියක්.

wordpress මොන වගේ ද කියා අත්හදා බලන්න කැමති අයට wordpress.com වලින්
නොමිලේ බ්ලොග් එකක් ලබාගෙන පිරික්සා බලන්න පුළුවන්.

ආ මට කියන්න බැරි වුණා. මම අත්හදා බලන සිංහල බ්ලොග් සින්ඩිකේටරය
දුවන්නෙත් wordpress මත. wordpress අඩෙවියකට feedwordpress නමැති plug-in
එක ස්ථාපනය කිරීම මගින් වෙනත් බ්ලොග් අඩෙවිවල පළ වන සටහන් ගොනු කළ හැකි
පරිදි සකසලයි තියෙන්නේ. :-)

ආනන්දවර්ධන෴

Anuradha Ratnaweera

unread,
Jun 3, 2007, 11:50:33 AM6/3/07
to Sinhala...@googlegroups.com
නිරංජන්෴ wrote:
> මිතුරනි
> වඩා හොඳ කුමක්ද ?
> මගේ මිතුරකු ඇසූ ප්‍රශ්නයට මගේ පිළිතුර සසඳා බැලීම සඳහා සමූහයට ඉදිරිපත්
> කරමි.

හොඳ කුමක්ද කියා කීම අපහසුයි, එකිනෙකාගේ රුචි අරුචි වෙනස් නිසා. දැනට මම drupal වලට වැඩි
නැඹුරුවක් දක්වනවා. අපගේ www.4x4.lk වෙබ් අඩවියේ පාවිච්චි කරන්නෙත් drupal. ඉගෙන
ගැනීමට www.lullabot.com හොඳයි.

අනුරාධ
--
http://anuradha-ratnaweera.blogspot.com
http://www.linux.lk/~anuradha/

නිරංජන්෴

unread,
Jun 3, 2007, 4:57:02 PM6/3/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ලද අදහස් හා අත්දැකීම් අනුව
Drupal - Multiple Sites/DBs
Wordpress - Blogging / Publishing
joomala - Good interface/Commercial Nuke වගේ
Nuke - All in one Community builder

සෑම එකකටම Plug-in හා Modules, Extensions තියනවා
coding style වෙනස්.
සාමාන්‍ය අවශ්‍යතා සඳහා Wordpress හොඳ යයි මා සිතනවා. එක් එක් මුදුකාංගයේ
විශේෂ භාවිතා ගැන අප සිත් යොමු කළ හැකිද ?

SRIshanu

unread,
Jun 4, 2007, 8:49:57 AM6/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මා අළුතින් CMS ඉගෙනගැනීම ඇරඹීමි. මෙම කතබහේදී මෙලෙස නිගමනය කළද, වැඩි
දෙනෙකු joomala භාවිතා කිරීමට හේතු කවරේද?

මෙම සමූහයේ තවත් කතාබහකදී joomala ස්ථාපනය කරන ආකාරය කියැවුනා. joomala
මෙතරම් ජනප්‍රිය ඇයි?

SRIshanu

unread,
Jun 4, 2007, 8:57:14 AM6/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
CMS වලට නවකයෙකු ලෙස මුලින්ම අධ්‍යනය කිරීම සුදුසු යැයි ඔබලා යෝජනා
කරන්නේ කුමක්ද?

නිරංජන්෴

unread,
Jun 4, 2007, 4:13:59 PM6/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
CMS ඕනෑම එකක් ස්ථාපනය පහසුයි, ඒත් ඔබ එය වෙනස් කරන්නේ නම් එහි ක්‍රමලේඛන
ආකෘතිය සලකා බැලිය යුතුයි.

CMS ලෙස Word Press ගත නොහැකියි, නමුත් එය ඉතාම පහසුයි, දෙවැන්න drupal,
joomala මා ස්ථාපනය කළා විතරයි. එහි අන්තර්මුහුණත ඉතා අගෙයි

XAMMP සමග මේ සියල්ල භාවිත කළ හැකියි.

Dhammike Mendis

unread,
Jun 4, 2007, 11:22:03 PM6/4/07
to Sinhala...@googlegroups.com
මිතුරනි
 
http://www.opensourcecms.com/ වෙත පිවෙසෙන්න.
 
සියලුම CMS එහි අඩංගු වන අතර සෑම CMS එකකම Demo එකක් ද බලා ගත හැක.

SRIshanu

unread,
Jun 6, 2007, 12:32:38 AM6/6/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්තූතියි!
Reply all
Reply to author
Forward
0 new messages